Saturday 27th of April 2024

English Tamil
Advertiesment


කාන්තා සහ ළමා අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියක් කරනවා


2024-03-24 2107

 

Smart කාන්කාවක් නිර්මාණය කරනවා

 

කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් වෙනමම වැඩ පිළිවෙළක්

 

ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් කාන්තාව මුදවා ගන්නවා

 

දරු කැක්කුම වැඩි කාන්තාවන්ටයි

 

විපක්ෂ නායක අවධාරණය කරයි 

 

ගාල්ල සමනල ක්‍රීඩාංගණය කාන්තාවන්ගෙන් පිරී ඉතරී යයි 

 

 

පාර්ලිමේන්තුවේ දී තමා වැඩි පුර කතා කරනවා කියා චෝදනා එල්ල කළත් තමා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ තමාගේ පෞද්ගලික කාරණා ලක්ෂ 220ක ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් බවත් වත්මන් රජය 2024 පෙබරවාරි 13 ගැසට් පත්‍රයක් පළ කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක් සිදු කිරීමට කටයුතු කළ බවත් එහි දී රජය, දැරියන්ට ලිංගික වශයෙන් නීත්‍යානුකුලව ක්‍රියා කළ හැකි වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කළ බවත් කාන්තාවට අතවර කරන පිරිමි පුද්ගලයන් අවුරුදු 22ට අඩු නම් දඩුවම ලිහිල් කිරීමටත් එහිදී කටයුතු කර ඇති බවත් ඊට අමතරව විවිධ අවස්ථාවල අතවරයට ලක් වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශ්වයට සිදු වන අතවර යන නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

මේ ගැන තමා පාර්ලිමේන්තුවේ හඬක් නැගූ බවත් ඒ අනුව මෙම වැරදි නීති රීති-කාන්තාවන් දැරියන් කෙලෙසන නීති රීති අද දවස වන විට අධිකරණ ඇමතිවරයා විසින් ඉල්ලා අස් කර ගත් බවත් එම තත්ත්වය සමස්ත කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (23) පැවැති සමගි වනිතා බලවේගයේ ගාලු දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් වන අතර එම අවස්ථාවට කාන්තාවන් අති විශාල පිරිසක් එක්ව සිටියහ.

කන්ද උඩරට පුරවරයේ සමගි වනිතා බලවේගයේ ආරම්භක සමුළුව පැවැත් වූ අවස්ථාවේ ආදරණීය කාන්තාවන්ට මුල් තැන-නිසි තැන-නිවැරදි තැන ලබා දෙන්න පොරොන්දු වූ බවත් ඒ පොරොන්දුව-ප්‍රතිඥාව නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරමින් සමගි ජන බලවේග රජයක් යටතේ කාන්තාවන් වෙනුවෙන් ලබා දිය හැකි උපරිම ශක්තිය සහ සවිබල ගැන්වීම නියත වශයෙන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.

කන්ද උඩරට පුරවරයේදී ඓතිහාසික වනිතා සංවර්ධන ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් එහි දී උතුම් කාන්තාව-ආදරණීය කාන්තාව ප්‍රධාන කාන්තාවන් ශක්තිමත් කරන බවත් 2019 ජනාධිපතිවරයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනමම කාන්තා ප්‍රඥප්තියක් නිර්මාණය කර කාන්තාවන් සමග සමාජ ගිවිසුකට එළඹුණේ තමා බවත් අද දවසේ මේ සටන කාන්තාවන්ගේ සහ ළදරුවන්ගේ අයිතිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට පත් කර විශේෂිතව සංශෝධනය කර ළමුන්, මව්වරුන් සහ කාන්තාවන් රකින් රටක් ලෙස සංශෝධනය විය යුතු බවත් සමගි ජන බලවේගය එම කාර්ය භාර්ය සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ සෑම ප්‍රදේශීය ලේකම්  සහ උප ලේකම් බල ප්‍රදේශවල කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කර ඒ හරහා නිපුණතාවෙන් කුසලතාවෙන් හෙබි සුහුරු කාන්තාවන් නිර්මාණය කරන බවත් පෙර පාසල් 17910ක අධ්‍යපානය ලබන දරුවන් 279000කගේ අනාගතය සුරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

කාන්තාවගේ ශ්‍රම දායකත්වය 50% දක්වා වර්ධනය කරන බවත් ඊට අමතරව නිවසේදී, මහා මගදී සහ වැඩ බිමේදී සිදු වන හිංසනයට ලක්වන කාන්තාවගේ අයිතීන් සුරැක ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තියක් හරහා ආරක්ෂා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තා සෞඛ්‍ය ශක්තිමත් කරමින් ආර්ථව දරිද්‍රතාව තුරන් කර සනිපාරක්ෂක ද්‍රව්‍ය නොමිලයේ ලබා දෙන බවත් ඊට අමතරව ගෘහ සේවයට අමතරව නිපුණතාව සහිත කාන්තා පරපුරක් නිර්මාණය කර හෙද සේවය සෞඛ්‍ය උපස්ථාන සේවය හරහා ඩොලර් උත්පාදනය කරන වැඩ පිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායකවරයා කීය. 

ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු වී ඇති ඊට වහල් වී ඇති කාන්තාව නිවහල් කර සෑම ගම්මානයකම ග්‍රාමෝදය මණ්ඩල සහ ග්‍රාම රාජ්‍ය සංකල්පය ඇති කර එහි නායකත්වයේ ප්‍රමුඛතාව ගමේ-නගරයේ කාන්තාවට ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. 

පුරුෂ පාර්ශ්වයට වඩා කාන්තාවන්ට දරු කැක්කුමක් ඇති බවත් ගෙදර බුදුන් වන අම්මා මත්පැන්-මත්ද්‍රව්‍ය භාවිත නොකර දරුවන් ගැන සිතන නිසා අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ සිදු කරන සහනාධාර වැඩ පිළිවෙළ යටතේ සියලු සහන ගෘහයේ සිටිය කාන්තාවට ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තාවට ලැබෙන සහන පවුලේ අභිවෘද්ධියට යෙදෙවෙන බවත් 52%ක් වන කාන්තාවන් සුහුරු කාන්තා පරපුරක් ලෙස නිර්මාණය කරන බවත් ඔවුන් වෙනුවෙන් වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් සහ කොමිසමක් ඇති කරන බවත් කාන්තාවන් වෙනුවෙන් වාර්තා ගත සේවාවක් ඉටු කළ ආණ්ඩුව සමගි ජනබලවේගය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. 
 

Advertiesment